අපරාධකරුවන් කඩිනමින් හඳුනා ගැනීමට කැබිතිගොල්ලෑවට නව ඇඟිලි සටහන් ඒකකයක්

කැබිතිගොල්ලෑව කොට්ඨාසයෙහි පොලිස් ස්ථානයන් වෙත වාර්තා වන අපරාධ සිදුවන ස්ථානයන්හි ඇඟිලි සටහන් කඩිනමින් පරීක්ෂා කර අපරාධ වින්දිතයින්ට සහය දැක්වීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් මැදවච්චිය පොලිස් ස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද නව ඇඟිලි සටහන් ඒකකය 2024.06.12 වන දින උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී.