මැණික් හා ස්වරණාභරණ ආයතනය කොල්ලකෑ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

තංගල්ල පොලිස් ස්ථානය වෙත 2024.05.24 වන දින වාර්තා වී තිබූ තංගල්ල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයක් බිඳ මුදල් රුපියල් 34,600,000/= ක් පමණ වටිනා රන් ආභරණ, මැණික් හා විදේශීය මුදල් සොරකම් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ අනුව 2024.06.11 වන දින උදෑසන කාලයේ සොරකමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තංගල්ල පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 23 හා 27 යන වයස්වල පසුවන කිරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් විසින් සොරකම් කරන ලද දේපල වලින් කොටසක් පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.