පොලිස් පවුලක් වෙනුවෙන් නව නිවසක්

කුලියාපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන කාන්තා පොලිස් සැරයන් 1518 රුවිනි වික්‍රමසිංහ නිලධාරිණිය හා ඇයගේ දරුවන් තිදෙනා වෙනුවෙන් නාරම්මල, අඹගම්මන ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවස එම පවුල වෙත භාරදීම පසුගියදා (2024.06.06) දින සිදු කරන ලදී.

පොලිස් පවුල් සුභසාධක සංගමයේ මූල්‍ය අනුග්‍රහයෙන් ඉදිකරන ලද මෙම නිවස බාරදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පොලිස් පවුල් සුභසාධක සංගමයේ සහ පොලිස් සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන නීතීඥ අනුරාධා විජයවර්ධන මැතිණිය සහභාගි විය.