ඌව පළාතේ “පවුර” දැනුවත් කරන්න බදුල්ලේදී හමුවක්.

පාසල් දරුවන් පාසල අවට පරිසරයෙන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරුවීම වැලැක්වීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත වගකිවයුතු සියළු පාර්ශව නියෝජනය වන පරිදි “පවුර සංසඳය” නමින් කමිටු ස්ථාපිත කිරීම ආරම්භ කෙරුනු අතර ඒ අනුව මේ වන විට එක් එක් පාසලට අදාල පොලිස් ස්ථාන මගින් කමිටු 5022 ක් දිවයින පුරා පිහිටුවා අවසන්ය.

ඒ යටතේ ඌව පළාතේ පිහිටවූ පවුර සංසද කමිටු සාමාජිකයින් අපේක්ෂිත කාර්යය භාරයය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඌව පලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය දිනේෂ් කරුණානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024.05.05 වැනි දින සවස බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම කමිටු සාමාජිකයින් අතරට විදුහල්පතිවරුන්, ගුරුවරුන්, පූජ්‍ය පක්ෂය, රජයේ නිලධරයන්, ව්‍යාපාරිකයන් සහ දෙමාපියන් ඇතුළු සමාජයේ විවධ පාර්ශව ඇතුලත් වේ. ඔවුන්ගේ වගකීම පාසල් අවට මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් හඳුනාගෙන එම තොරතුරු පොලිස් ස්ථානාධිපතිරුන් වෙත ලබාදී පාසල් ළමුන් අතට විෂ මත්ද්‍රව්‍ය පත්වීම මැඩපැවැත්වීම සඳහා පොලිසියට සහය වීමයි.

මෙම අවස්ථාව සඳහා විශ්‍රාමික නි.පො.ප. අයි.එම්.කරුණාරත්න මහතා, බදුල්ල වැඩ බලන මොණරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.එස් වීරසේකර මහතා, ඌව පළාතේ පොලිස් රාජ්‍ය නිවේදිත නිලධාරීන්, පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුලු ප්‍රජා කමිටු සාමාජිකයින් පොලිස් නිළධරයන් ඇතුලු 710 ක පමණ පිරිසක් සහභාගී විය.