ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන විමර්ශනය කරනු ලබන අධිකාරී මුදියන්සෙලාගේ රමේෂ් ප්‍රියජනක නොහොත් මන්නා රමේෂ යන අය විසින් විදේශගතව සිටියදී මෙහෙයවමින් සිදු කරන ලද බවට අනාවරණය වූ 2023.09.20 වන දින අවිස්සාවේල්ල පොලිස් වසමේ තල්දූව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට අධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (10) දින රාත්‍රී කාලයේ අවිස්සාවේල්ල හා ලුණුගම ප්‍රදේශවලදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත ඉහත අපරාධය සිදු කිරීම සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදිය කොටස් වශයෙන් ගලවා, සඟවා තිබියදී විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28 හා 30 වයස් වල පසු වන පිළිවෙලින් අවිස්සාවේල්ල හා පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ .