කොකේන් ගිල පැමිණි විදේශිකයා කටුනායකදී හසුවේ. උදරයේ කෙකේන් කිලෝ 1ක්

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් 2024.06.08 වන දින කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේදී වැටලීමක් සිදුකර කොකේන් මත්ද්‍රව්‍ය ගුලි ගිල කටාර් රාජ්‍යයේ සිට මෙරටට ගුවන් මගින් පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු වයස අවුරුදු 31 ක් වන උගන්ඩා ජාතිකයෙකි.

සැකකරු කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් ගිල මෙරටට රැගෙන ඒමට උත්සහ කර ඇති අතර, ඔහු අත්අඩංගුවට ගෙන මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ගිල දමා තිබූ කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 72 ක් මේ වන විට ශරීරයෙන් පිටතට ගෙන තිබේ. එහි මුළු බර කොකේන් කිලෝ 01 ග්‍රෑම් 74 ක් වන අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන් තොටුපළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.