අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පැතීම

වැලිකඩ පොලිස් වස‌මේ අංක 642, ජනජය සිටි හෝල්, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ලිපිනයේ පවත්වාගෙන ගිය IMH LOGISTICS (PVT) LTD නැමැති ආයතනයක් මඟින් එංගලන්තය සහ පෝලන්තය යන විදේශ රටවල රැකියා ලබා දෙන බව පවසා විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රවටා රුපියල් එක් කෝටි හැත්තැපන්ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍යකරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.

මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශන ආරම්භ කර සැකකාරියක් අත්අඩංගුවට ගෙන කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. එම සැකකාරියගෙන් සිදු කරන ලද ප්‍රශ්න කීරීම් වලදී මෙම මුදල් වංචාවට එම ආයතනයේ හිමිකරු ලෙසින් පෙනී සිටි ප්‍රනාන්දු නැමැති අයෙකු සම්බන්ධ බවට අනාවරණය වී ඇති අතර එම සැකකරු පදිංචිව සිටින ලිපිනයක් හෝ වෙනත් අනන්‍යතාවයක් මෙතෙක් අනාවරණය වී නොමැත.

එම සැකකරුගේ ඡායාරූප 02 ක් මේ සමඟ ඔබ වෙත යොමු කරන අතර මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

දුරකථන අංක –
1. පොලිස් අධිකාරී / මිරිහාන – 0718591643
2. ස්ථානාධිපති / මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය – 071813737