වෙඩී වැදීමකින් පුද්ගලයෙකු මියයාමක්

2024.06.09 වන දින රාත්‍රී කාලයේදී හුංගම පොලිස් වසමේ තිස්ස පාර, රන්න ප්‍රදේශයේ හාඩ්වෙයාර් ආයතනයක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් මියගොස් ඇති බවට හුංගම පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 51 ක් වූ තිස්ස පාර, රන්න ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

මරණකරු ව්‍යාපාරයක් වශයෙන් හාඩ්වෙයාර් වෙළඳසැලක් පවත්වා ගෙන යන අතර ඔහු රාත්‍රී කාලයේ පළමු මහලේ සිට බිම් මහලට බැස ඇති අවස්ථාවේ වෙඩි වැදීම සිදුව ඇති අතර මෙය සියදිවි නසා ගැනීමක්ද, නැතහොත් මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කරුණු අනාවරණය නොවන අතර ඒ සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.