කතුන් රඳවාගෙන නිල් චිත්‍රපට සෑදු අනියම් යුවළක් පොලිස් දැලේ

පොල්තෙල් ව්‍යාපාරයක සේවය සඳහා බඳවා ගන්නවා යැයි පවසා කතුන් ගෙන්වා ගෙන ඔවුන් බලෙන් රඳවා විවිධ ලිංගික ක්‍රියාකාරම් වල යොදවා එම වීඩියෝ දර්ශන අන්තර්ජාලය ඔස්සේ මුදලට අලෙවි කළ යුවළක් සහ උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ නිලධාරීන් සමත් වී තිබේ. එම ස්ථානයෙන් පළා ආ කාන්තාවන් දෙදෙනෙකු සිදු කළ පැමිණිල්ලකට අනුව 2024.06.08 වන දින පාගොඩ දේවාල පාරේ නිවෙසක මෙම වැටලීම සිදු කරන ලදී.

සිදු කරන ලද සොයා ගැනීම් වලදී අනාවරණය වී ඇත්තේ පොල්තෙල් ව්‍යාපාරයක් සදහා කාන්තාවන් බඳවා ගන්නා බවට ෆේස්බුක් මාධ්‍යයේ දැන්වීම් පළ කර කාන්තාවන් ගෙන්වා එම පිරිස බලෙන් රදවා ගෙන ඔවුන් ලවා ලිංගික ක්‍රියා සිදු කරවා ඒවා වීඩියෝ කර අන්තර්ජාලය ඔස්සේ අලෙවි කර ඇති බවයි. එහිදී රුපියල් ලක්ෂයකට අධික මුදලක් එක් කාන්තාවක් උපයා ගෙන ඇති බව අනාවරණය වී ඇත.

පොලීසියඅත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ලිංගික උපකරණ, උපත් පාලන කොපු හා පෙති, කාන්තාවන්ගේ යට ඇදුම්, බැංකු කාඩ්පත් සහ ලැප්ටොප්, ඩෙක්ස්ටොප් පරිගණකයක් සේම වීඩියෝකරණය සඳහා යොදාගත් කැමරා සහ විද්‍යුත් උපකරණ වේ. පැමිණිල්ල සිදු කළ කාන්තාවන් දෙදෙනා ද වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

වර්තමාන සමාජය තුළ කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන මෙවන් අපරාධ පිළිබදව දැනගත් වහාම පැය 24 පුරා ක්‍රියාත්මක 109 හදිසි ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් දැනුවත් කර සිටී.