කෝටි 14 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට

රුපියල් දාහතර කෝටි අනූපන්ලක්ෂයක් වංචා කිරීමක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කර 2024.06.08 වන දින කිරිබත්ගොඩ පොලිස් වසමේ මාවරමණ්ඩිය ප්‍රදේශයේදී සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 54 ක් වන මාකොළ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පැමිණිලිකරු ව්‍යාපාරිකයෙකු වන අතර ඔහුගේ මිතුරන් මාර්ගයෙන් හඳුනාගත් කාන්තාවකට නැවත ලබා දෙන පදනම මත අවස්ථා කීපයකදී මෙම මුදල් ලබා දී ඇති අතර එම මුදල් නැවත ලබා නොදී විශ්වාසය කඩ කර වංචා කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.