බිත්ති බැම්මක් කඩා වැටී බිළිදෙකු මිය යයි

2024.06.09 වන දින සවස් කාලයේ ඕමන්ත පොලිස් වසමේ පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටී මෙන් තුවාල ලැබූ බිළිදෙකු වව්නියාව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ඕමන්ත පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගිය දරුවා වයස මාස 02ක් වූ පුදියවේලර් සින්නකුලම්, ඕමන්ත ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

මෘත ශරීරය වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ඕමන්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.