”පොලිස්” කියා නිවෙස් බිඳින කොල්ලකරුවන්, අවධානයෙන් හඳුනාගන්න.

පොලිස් නිලධාරීන් බව පවසා පන්නල, මාහොලව කු/බෝපිටිය නිවසකට 2024.06.08 වන දින අලුයම 3 ට පමණ අයුතු ලෙස ඇතුල් වූ මුහුණ ආවරණය කරගත් පුද්ගලයින් තිදෙනෙකු, තියුණු ආයුධ පෙන්වා නිවෙස් හිමියා සහ ඔහුගේ බිරිඳ බියගන්වා දෑත් බැඳ යතුරු පැදියක් ඇතුලු රු තිස් හත් ලක්ෂ තුන්දහස් පන්සියයක (3,703,500/=) ක් වටිනා දේපල සහ මුදල් රැගෙන පලා ගොස් ඇත.

සැකකරුවන් සොයා පන්නල පොලිස් ස්ථානය විසින් විමර්ශන සිදුකරමින් පවතී.

පොලිස් නිලධාරීන් ලෙස හඟවා නිවෙස් තුලට වැදී සිදුකරන කොල්ලකෑම් මෙම සතිය තුලද වාර්තා විය. යම් සැකසහිත බවක් හැඟවේනම් සිවිල් ඇඳුමින් සැරසී පැමිනීමේදී පොලිස් නිල හැදුනුම්පත පෙන්වා සිටින ලෙස ඉල්ලා සිටිමේ පූර්ණ අයිතිය ඔබට හිමිය.

අනවශ්‍ය කළබලයකින් යුතුව රැවටී මෙවන් අපරාධකරුවන්ට ඔබගේ නිවස තුලට පිවිසීමට ඉඩ නොතබන්න.