“යුක්තිය” යටතේ බුද්ධි තොරතුරු ජාලය ශක්තිමත් කිරීමෙන් ලද සාර්ථක ප්‍රතිඵල

පේදුරුතුඩුව පොලිස් ස්ථානයේ නිලධාරීන් හා නෙල්ලිඅඩි පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් මරදන්කේනි පොලිස් වසමේ මනල්කාඩු ෆයිනස් රක්ෂිතයට අදාළ වෙරළ තීරයේ 2024.06.08 වන දින සවස් කාලයේ වැටලීමක් සිදුකර කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 60 ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් (පාර්සල් 29 ක්) සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ඇත. සැකකරු සන්තකයේ තිබී ජී.පී.එස්. යන්ත්‍රයක් සහ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

“යුක්තිය” මෙහෙයුම යටතේ ක්‍රමවත්ව ගොඩනගා ඇති බුද්ධි තොරතරු ජාලයෙන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ෆයිනස් රක්ෂිතය තුල වලදමා සඟවා තිබූ කේරල ගංජා පාර්සල් ගොඩ ගෙන සූක්ෂම ලෙස රැගෙන යාමට උත්සාහ දැරූ අවස්ථාවේදීය.

සැකකරු වයස අවුරුදු 24 ක් වන වත්තිරායන් උතුර, තාලෙඅඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පේදුරුතුඩුව පොලීස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.