නොසිතූ මොහොතක දෙදෙනකුට දිවි අහිමි වෙයි.

නිවිතිගල දෑල ප්‍රදේශයේ “වේ ගඟ” ආසන්නයේ ඊයේ දින (2024.06.07) ගසක අත්තක් කපමින් සිටි පුද්ගලයෙකු ගඟට ඇද වැටීමෙන් දියේ ගිලී අනතුරක් සිදුව ඇත. ප්‍රදේශවාසීන් විසින් දියේ ගිලුණු පුද්ගලයා ගොඩට ගෙන නිවිතිගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ. වයස අවුරුදු 34ක් වූ මරණකරු නිවිතිගල මඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තවද ඊයේ දින (2024.06.07) දහවල් කාලයේ අරලගංවිල අලුත්වැව ප්‍රදේශයේ දී සෙවනපිටිය දෙස සිට 05 කණුව දෙසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු යතුරුපැදිය සමඟ ඉසඩ් ඩී ඇලට වැටී දියේ ගිලී මියගොස් තිබේ. අවුරුදු 66ක් වූ මෙම මරණකරු නෙලුම්වැව, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නොසැලකිලිමත් බව සහ අනාරක්ෂිත ලෙස කටයුතු කිරීමට යෑම නිසා මෙම පුද්ගල මරණ දෙකම සිදුව තිබේ. ඔබත් නිරතුරුවම ඔබේ සහ අන් අයගේ ජීවිතාරක්ෂාව පිළිබඳ සැලකිලිමත්ව කටයුතු කිරීමෙන් මෙවැනි අනතුරු වළක්වා ගත හැක.