එඩේරමුල්ලේ දුම්රිය අනතුර දෙදෙනකුට මරු කැඳවයි.

එඩේරමුල්ල දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී එඩේරමුල්ල දෙස සිට වත්තල දෙසට ධාවනය වූ කාර් රථයක්, බදුල්ල දෙස සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ දුම්රියක ගැටී අද (2024.06.08) අනතුරක් සිදුවී ඇත.

මෙම අනතුරින් බියගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54 ක් වූ පුද්ගලයෙක් සහ වයස අවුරුදු 34 ක් වූ කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු කාන්තාවක් මිය ගොස් තිබේ.