හෙට උදෑසන සිට වරින් වර පහළ කඩුගන්නාවෙන් කොළඹ නුවර මාර්ගය වසා දැමීමේ තීරණයක්

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාව පෙදෙස මාර්ගය දෙපස ඇති දිරාගිය ගස් හා අවධානම් ගල් ඉවත් කිරීම සඳහා 2024.06.08 වන හෙට දින පෙ‍රවරු10.00 සිට පසුදින පෙරවරු 06.00 දක්වා කොළඹ නුවර ප්‍රධාන මාර්ගය එම පෙදෙසින් විටින් විට වසා දැමීමට සිදුවනු ඇත.

තවද, එදින සවස් කාලයේදී අවධානම් ගලක් පුපුරුවා හැරීම සදහා රසායනික ද්‍රව්‍ය යෙදීම සිදු කරන බැවින් පස්වරු 06.00 සිට පැය 3 ක පමණ කාලයක් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය එම පෙදෙසින් සම්පූරණයෙන්ම වසා දැමීමට කටයුතු කරනු ඇත.

මාර්ගය වසා තැබෙන අවස්ථාවලදී වාහන තදබදයක් ඇති විය හැකි බැවින් මහනුවර ප්‍රදේශයට පිවිසීම සදහා ඔබ, හැකිතාක් දුරට පහත සදහන් විකල්ප මාර්ග භාවිතා කළ යුතු වේ.

විකල්ප මාර්ග –

01. කොළඹ සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන වරකාපොල, අඹේපුස්ස හන්දියෙන් වමට හැරී කුරුණෑගල මාර්ගය ඔස්සේ මහනුවරටද,

02. කෑගල්ල කරඬුපන හරහා රඹුක්කනට හා මාවනැල්ල නගරයෙන් රඹුක්කන නගරයට පිවිස හතරලියැද්ද මාර්ගය ඔස්සේ ගලගෙදර හරහා මහනුවරටද,

03. මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම හරහා ගම්පොල මාර්ගය ඔස්සේ මහනුවරටද,

ගමන් කල හැකිය.

මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා රථවාහනද ඉහත විකල්ප මාර්ග භාවිතා කරන්න.