පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලූ තොටලඟ නිවසේ හෙරොයින්, මත්කරල්, කෝටියකට අධික මුදලක්

යුක්තිය මෙහෙයුම යටතේ විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් 2024.06.03 වන දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ නාගලන් වීදිය, කොළඹ 14 ලිපිනයේ නිවසක් වටලා පරීක්ෂා කර ඇත.

එහිදී හෙරෙයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 264 ක්, මත්කරල් 760 ක්, මුදලින් රුපියල් ලක්ෂ 115 ක් , ජංගම දුරකථනයක් හමුවී ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම අත්අඩංගුට ගත් දෑ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.

මෙම නිවස කොළඹ තොටළඟ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන බවට තොරතුරු ලැබී ඇති “තොටළඟ පොඩ්ඩි” යන අයගේ සැමියා වන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ලෙස හඳුනාගත් “සරණා” යන අයට අයත් නිවසක් බවට අනාවරණය වීමෙන් මෙම වැටලීම සිදුකර තිබේ.

වැටලීම කරන අවස්ථාවේ නිවසේ කිසිවෙකු සිට නොමැති අතර අදාළ සැකකාරිය හා සැකකරු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.