දුම්රිය පා පුවරුවේ දැඟලිල්ල,මරු කැඳවන කැඳවිල්ල

2024.06.03 වන දින ඉදල්ගස්හින්න හා ඔහිය යන දුම්රිය ස්ථාන අතර 19 වන බිංගය අසලදී පෝලන්ත ජාතික සංචාරකයෙකු දුම්රියෙන් ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල්ගත කරන අතරතුර ජීවිතක්ෂයට පත්විය.

දෙස් විදෙස් සංචාරකයින් ආකර්ශනීය ඡායාරූප ලබාගැනීම සඳහා දුම්රිය පා පුවරුවේ විවිධ ඉරියව් දක්වමින් අනතුරුදායක ලෙස හැසිරෙන අයුරු ඔබ කොතෙකුත් දැක ඇත.

එමඟින් සිදුවන මෙවන් අකල් මරණ සහ බරපතල තුවාල වීම් වාර්තාවීමේ වර්ධනයක් මෑතකාලය තුලදී පෙන්නුම් කරන බැවින් ඔබ, සංචාරය ආරම්භ කළ සතුට අවසානය තෙක් රඳවා ගැනීම පිණිස පාපුවරුවේ නොරැදෙමින්, ප්‍රවේසම් සහගත විනෝදාත්මක ක්‍රියාකරකම් සිදුකරන්න