පිටාර ගිය ගං දියේ රබර් ටියුබ් සෙල්ලම වරදියියලි නොවෙන්න මෙවන් විපත්

ගිං ගගෙන් පිටාර ගැලූ ජලයෙහි රබර් ටියුබයක් ආධාරයෙන් බද්දේගම, ඇටවරමුල්ල ඇල බන්ට් එක අසල මිතුරන් සමඟ විනෝදවෙමින් සිටි වයස අවුරුදු 15 ක පිරිමි ළමයෙකු 2024.06.05 වන ඊයේ දින දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීමේ ඛේදජනක සිදුවීමක් වාර්තා වීය.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව අනතුරට පත් දරුවා ගොාඩට ගෙන හැකි විගස බද්දේගම දිසා රෝහලට ඇතුලත් කලද දිවි බේරාගැනීමට නොහැකි වී ඇත.

මෙවන් අයහපත් කාළගුණික තත්වයන්ට අපට ඉදිරියේදීද මුහුණ දීමට සිදුවනු ඇත.

දෙමාපිය වැඩිහිටි ඔබේ වගකීම ළමුන් පිළිබඳ වඩාත් සැලකිලිමත් වී අනතුරක් විය හැකි යමක ඔවුන් නිරත වේ නම් දැඩි ලෙස අවවාද කර හෝ ඔවුන් ඉන් මුදවාගෙන මෙවන් අවාසනාවන්ත සිදුවීම් වාර්තා නොවීමට වගබලා ගැනීමයි.