සුවසාර කැදැල්ල ව්‍යාපෘතියේ කැළණි කැදැල්ල 60 දෙනෙකුගෙන් අරඹයි

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් ඉන් මුදවාගැනීම සඳහා යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක පුනුරුත්ථාපන ක්‍රියාදාමයේ තවත් එක් විශේෂ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කල “සුවසාර කැදැල්ල” නම් ප්‍රජා පාදක පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන සමූහයේ බස්නාහිර පළාත් උතුර දිසාව කැලණිය කොට්ඨාස මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය 2024.06.05 වන අද දින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහබාගේ පරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

කැලණිය කොට්ඨාසයට අයත් පොලිස් වසම් තුල මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයන් 60 දෙනෙකු, පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාර්ගෝපදේශකත්වයන් යටතේ දින 14 ක කාලයක් පුනරුත්ථාපනය කිරීම මෙහිදී සිදුකිරීමට අවශ්‍ය සියළු කටයුතු සූදනම් කර ඇත.