සුවසාර කැදැල්ලෙන් තවත් 175 කට හරි මග පෙන්වීම ඇරඹේ

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විෂ මත්ද්‍රව්‍ය භාවිතය යොමු වූවන් පුනරුත්ථාපනය සදහා වූ “සුවසාර කැදැල්ල” පුනරුත්ථාපන වැඩසටහනේ තවත් එක් අදියරක් වූ බස්නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්පති දිසාවේ ප්‍රධාන උත්සවය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිරිහාන පොලිස් ස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙම අදියර යටතේ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ විෂ මත්ද්‍රව්‍ය සදහා යොමු වූවන් 120 ක් හා ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ විෂ මත්ද්‍රව්‍ය සදහා යොමු වූවන් 55 ක් දින 14 ක කාලයක් තුල අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර හා පුනරුත්ථාපන වීමට නියමිතව ඇත.