“දරුවාට පහර දුන් සිද්ධියේ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට”

සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන, සමාජ කැලඹීමකට තුඩු දී තිබෙන කුඩා දරුවෙකුට පහරදෙන විඩියෝවේ අදාළ පහරදීම සිදුකරන පුද්ගලයා ලෙස හදුනාගත් කුකුල් චමින්ද නැමැත්තා සහ වීඩියෝවේ දර්ශනය වන මෙම සිද්ධියට අනුබල දුන් කාන්තාවන් දෙදෙනා වැලිඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් පුල්මුඩේ විශේෂ කාර්‍ය බලකා නිලධාරීන්ගේ සහ මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ සහාය ඇතිව පුල්මුඩේ,අරසිමලේ ප්‍රදේශයේ දී 2024.06.05 වන දින අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සමග සිටි පහරකෑමට ලක්වූ වයස අවුරුදු 4 යි මාස 06 ක් පමණ වන ගැහැණු දරුවා වැලිඔය පොලිසිය භාරයට ගෙන ආරක්ෂිතව පසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුට වයස අවුරුදු 45 ක් වන අතර, සැකකාරියන් අවුරුදු 37 හා 46 වයස්වල පසුවන කල්‍යාණපුර, වැලිඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

වැලිඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.