ආදිවාසී නායකතුමන් පොලිස් මූලස්ථානයට

ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන් 2024.06.04 වන අද දින පොලිස් මූලස්ථානයට පැමිණියේය. එහීදී එතුමන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සමග සුහද පිළිසදරක නිරත වූ අතර, පොසොන් පොහොය නිමිත්තෙන් දඹාන බිංතැන්න ගම්මානය කේන්ද්‍ර ගත කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන පොසොන් කලාපය සදහා ශ්‍රී ලංකා පොලිසියේ පූර්ණ සහයෝගය ලබා දීමට මෙහිදී පොලිස්පතිතුමන් එකග විය.