සමාජ මාධ්‍යයේ සංසරණය වන ආන්දෝලනාත්මක වීඩියෝවේ සැකකරු සොයා වැලිඔය පොලිසියෙන් විමර්ශන

පුද්ගලයෙකු විසින් කුඩා දරුවෙකුට දැඩි ලෙස පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

එම වීඩියෝවේ සඳහන් පරිදි වැලිඔය, හංසවිල ගම්මානයේ නිවසක කුඩා දරුවෙකු එලෙස පහරකෑමට ලක්වේ.

වීඩියෝව ලද විගස වැලිඔය ස්ථානාධිපතිවරයා මේ සම්බන්ධව ක්‍රියාත්මකවී වීඩියෝව පටිගත කල ලිපිනය ලෙස වැලිඔය, හංසවිල, දෙවන පියවර කල්‍යාණිපුර ප්‍රදේශයේ නිවසක් හඳුනාගෙන එම නිවස වෙත ගොස් පරීක්ෂා කර ඇති අතර ඒ වන විට නිවස වසා දමා කිසිවෙකු නිවසේ නොමැති බව වාර්තා කර ඇත.

කුඩා දරුවා හට පහරදෙන සැකකරු දැඩි ලෙස මත්පැන් භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෙකු බව අනාවරණය වී තිබේ.

වැලිඔය පොලිස් කණ්ඩායම් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකරයි.