යහපත් සෞඛ්‍යයක් නිවැරදි පෝෂණයක් , පොලිස් නිලධාරිනියන් දැනුවත් කෙරූ හරවත් වැඩසටහනක්

පොලිස් මූලස්ථාන සේවා වනිතා උප ඒකකය මගින් සංවිධානය කරන ලද කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ සෞඛ්‍ය හා පෝෂණය සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහනක් පොලිස් සේවා වනිතා මව් එ්කකයේ ගරු සභාපතිනී නීතීඥ අනුරාධා විජේවර්ධන මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2024.05.31 වන දින උදෑසන කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

එහිදී සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය රුවන් සිල්වා මහතා විසින් ප්‍රසව හා නාරිවේදය පිළිබඳව පොලිස් නිලධාරිනියන් දැනුවත් කළ අතර  පෝෂණවේදී චරිත් ගුණතුංග මහතා විසින් කාන්තා නිලධාරිනියන්ගේ පෝෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදු කරන ලදී.

සේවා වනිතා උප ඒකකයේ සභාපතිනිය වන පර්යේෂණ හා සැලසුම්, තොරතුරු තාක්ෂණ දිසාව භාර කාන්තා නියෝජ්‍ය පොලිස්පති නිශානි සෙනෙවිරත්න මහත්මිය ඇතුළු පොලිස් ක්‍රියාකාරී කොට්ඨාසයන්හි සේවයේ නියුතු කාන්තා නිලධාරිනියන් 250 දෙනෙකු පමණ මෙම වැඩසටහන සඳහා සහභාගී විය.