හදිසි ආපදා තත්වයන් වාර්තා කිරීමට පැය 24 පුරා ක්‍රියාත්මක පොලිස් මෙහෙයුම් මැදිරියක්

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ අධීක්ෂණය යටතේ පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් අද දින (02) පැය 1800 ට පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇත.

ඒ අනුව පහත දුරකථන අංක හරහා මෙන්ම සඳහන් කර ඇති විද්‍යුත් තැපැල් ලිපිනය හරහා ඔබ මුහුණපා ඇති ආපදා තත්වයන් පිළිබඳව මෙම මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දීම සිදුකල හැක.

දුරකථන අංක

  • 011-2421820 (ක්ෂණික ඇමතුම් අංකය)
  • 011-2439212
  • 011-2013036
  • 011-2013039

විද්‍යුත් තැපැල් ලිපිනය

  • Disaster.ops@police.gov.lk