දුම්රිය මඟ බස් රිය ධාවනය කළ රියදුරු ඇඹිලිපිටියෙන් අත්අඩංගුවට

මගීන්ගේ ජීවිතවලට මරණීය තර්ජනයක් එල්ල කරමින් අවිස්සාවේල්ල තුම්මෝදර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට බස් රථය ඇතුල් කර අන්තරාදායක ලෙස රථවාහන තදබදය මඟහැරීමට උත්සහකළ සූරියවැව ප්‍රදේශයේ සිට කොළඹ දෙසට රිය පැදවූ බස් රථයේ රියදුරුව ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබේ.

රියදුරු වයස අවුරුදු 45 ක් වූ මොරකැටිය,ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර බීමත්ව අන්තරාදායක ලෙස රියපැදවීමේ වරදට පසුගිය පෙබරවාරි මසයේදී සිවු මසකට රියදුරු බලපත්‍රය අත්හිටුවා රු 25000 ක දඩ මුදලකට යටත් කර ඇති අයෙකු ද වේ.

ඒ අනුව ඔහු වලංගු රියදුරු බලපත්‍රයක්ද නොමැතිව මෙසේ රිය ධාවනය සිදුකර ඇති බවද අනාවරණය වී ඇත.