තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන්න

වයස අවුරුදු 09 යි මාස 05 ක දැරියක් 2024.02.15 වන දින තලෛමන්නාරම පොලිස් වසමේදී දූෂණය කර ඝාතනය කිරීමේ බරපතල අපරාධයට තලෛමන්නාරම පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු වව්නියාව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුලත් කර ඇත.

එහිදී සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති අතර නැවත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

ඡායාරූපයේ දැක්වෙන එම සැකකරු පිළිබඳව යම් තොරතුරක් ඔබ දන්නේනම් නොපමාව පහත දුරකථන අංක වෙත දැනුම් දෙන්න.

සැකකරුගේ විස්තර –

  • සම්පූර්ණ නම – කන්දයියා විජයන් හෙවත් අබ්දුල් රහුමාන්
  • ලිපිනය – කුච්චවේලි, ත්‍රීකුණාමලය
  • ජාතික හැඳුනුම්පත් අංකය – 690715182v
  • හඳුනා ගැනීමේ සලකුණු – දකුණු අත පහල සුව වූ තුවාල කැළලක්, පපුවේ වම්පස ඉහල කළු ලපයක්, පපුව මැද සුව වූ තුවාල කැළලක්

දැනුම් දිය යුතු දුරකථන අංක –

  • ස්ථානාධිපති, තලෛමන්නාරම – 0718591370
  • පොලිස් අධිකාරී, තලෛමන්නාරම (01) – 0718591364