“T56 ගිනි අවි 02ක්, එම මැගසින් 02ක්, ජීව පතරොම් 26ක්

මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විදෙස්ගතව සිට මෙරට අපරාධ ජාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන අපරාධකරු දෙදෙනෙකු පිළිබඳව සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් අනාවරණය වූ තොරතුරු මත ඔවුන්ගේ වෙඩික්කරු ලෙස හදුනාගත් හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සැකකරු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 21 ක්ද සමඟ 2024.‍05.29 දින අත්අඩංගුවට ගත්හ.

වැල්ලම්පිටිය පදිංචිව සිටි තම්බිරාජ් යන අය ගිණිඅවියකින් වෙඩිතබා ඝාතනය කළ සැකකරු ලෙස මොහු හදුනාගෙන ඇති අතර ඒ අනුව අධිකරණයට ඉදිරිපත්කර රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කර ඇත.

එම විමර්ශන අනුව සහ ඔත්තුකරුවන් මඟින් අනාවරණය වූ ‍තොරතුරු මත මෙම අපරාධ සඳහා ආධාර අනුබල ලබාදුන්, විදෙස්ගතව සිට මෙහෙයවන්නන්ගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස හඳුනාගත් 29 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ දින 2024.06.01 දහවල් අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ටී56 වර්ගයේ ගිනි අවි 02ක්, එම මැගසින් 02ක්, ජීව පතරොම් 26ක් හා හෙරොයින් ග්‍රෑම් 110ක් විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබේ.

සැකකරුට සහය ලබාදී ඇති බවට අනාවරණය වූ සැකකාරියක්ද වැල්ලම්පිටිය ජයමාවත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 18ක් සමග අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් ක්‍රියා කර ඇත.
ඇය වයස අවුරුදු 31 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.