“මාලදිවයින නිල සංචාරය නිමා කර පොලිස්පතිතුමා යලි දිවයිනට”

මාලදිවයින ජනරජයේ පොලිස් කොමසාරිස් අලි සුජාවෝ (Ali Shujau) මහතාගේ ආරාධනය පරිදි එරට ජාතික පොලිස් හා නීතිය බලාත්මක කිරීමේ විද්‍යාලයේ (National College of Policing and Law Enforcement) පුහුණුව ලැබූ නිලධාරීන් 163 දෙනෙකු විසිර යාම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය දා (29)සහභාගී වීය.

මෙහි විශේෂත්වය වන්නේ 2014 වර්ෂයෙන් පසු ශ්‍රි ලංකා පොලිස්පතිවරයෙකු එම රටෙහි නිල සංචාරයකට එක් වීමයි.

*පොලිස්පතිවරයා මාලදිවයින රාජ්‍යයේ වෙලානා ජාත්‍යන්තර ගුවන්තොටුපලට මැයි 28 වන දින ළගා වූ පසුව මාලදිවයින පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස් ෆර්හාඩ් ෆික්රේ (Farhad Fikry) මහතා ඇතුළු නිලධාරීන් මහත් හරසරින් පිළිගන්නා ලදී.

*පසුව මාලදිවයින් පොලිස් මූලස්ථානය වෙත ගොස් මාලදිවයින ජනරජයේ පොලිස් කොමසාරිස් අලි සුජාවෝ (Ali Shujau) මහතා සමග සුහද කතා බහක නිරත වීය.

*ඉන් අනතුරුව එරට පොලිසිය භාර අභ්‍යන්තර කටයුතු සහ තාක්ෂණ අමාත්‍ය අලි ඉයුසාන් (Ali Ihussan) මහතා සමගද ද්විපාර්ශවීය සාකච්ඡා සිදු කරන ලදී.

* මැයි 29 වන දින මාලදිවයින් ජාතික පොලිස් හා නීතිය බලාත්මක කිරීමේ විද්‍යාලයේ (National College of Policing and Law Enforcement) සංචාරයක නිරත වන ලදී. එහිදී මෙම සංචාරය සිහිපත් වීම පිණිස එම භූමියේ පොල් පැළයක් රෝපණය කිරීම සුවිශේෂී විය.

* ඉන්පසු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාලදිවයින් පොලිස් කොමසාරිස් සහ එරට උසස් පොලිස් නිලධාරීන් සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වන ලදී. මෙහිදී මත්ද්‍රව්‍ය නිවාරණය, අපරාධ මර්දනයට අවශ්‍ය තාක්ෂණික සහාය හා පුහුණුව ලබා ගැනීම මෙන්ම මත්ද්‍රව්‍ය හා අපරාධ වැරදි වලට සම්බන්ධ සැකකරුවන් හුවමාරු කර ගැනීම සම්බන්ධව විශේෂ අවධානය යොමු කරන ලදී.

විශේෂයෙන්ම 2014 සිට 2017 දක්වා මෙවැනි අවබෝධතා ගිවිසුමක් දෙරටේ පොලිසී අතර ක්‍රියාත්මක වූ අතර, මේ වන විට එය අහෝසි වී ඇත.එහෙයින් එම ගිවිසුම නැවත බලාත්මක කිරීම සදහා මෙහිදී අවධානය යොමු වූ අතර, ඉදිරියේදී මීට අදාල අවබෝධතා ගිවිසුම් දෙරට අතර අත්සන් කිරීම නියමිතව ඇත.

මැයි 30 වන දින ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් රංග ගුණවර්ධන මහතා එම කාර්‍යාලයේදී හමුවී සුහද කතා බහක නිරත වීමද පොලිස්පතිවරයා විසින් සිදු කරන ලද අනතුරුව තම මාලදිවයින් සංචාරය නිම කොට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මැයි 2024.05.31 වන දින දිවයිනට පැමිණෙන ලදී.