“යුක්තිය” සාර්ථක වැටලීම් දාමය
අයිස් ග්‍රෑම් 403 ක් සන්තක සැකකරු අත්අඩංගුවට

මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් 2024.05.29 වන දින උදෑසන කාක දුපත වෙරළ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 403 මිලිග්‍රෑම් 230 කට ආසන්න බවට අනාවරණය වී ඇත.

සැකකරු වයස අවුරුදු 24 ක් වන මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මට්ටක්කුලිය පොලිසිය සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.