‍නවතා පරීක්ෂාකල යතුරුපැදිකරු සන්තකයේ හෙරොයින් මත්ද්‍රව්‍ය පාර්සලයක්

කොස්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 2024.05.29 වන දින සවස කන්දේවත්ත මාර්ගයේදී යතුරුපැදියක් නවතා පරීක්ෂාවක් සිදුකර ඇත.

එහිදී යතුරුපැදිකරු සන්තකයේ තිබී සුදු පැහැති ග්‍රොසරි කවරයකින් ඔතන ලද පාර්සලයක් පොලිස් නිලධාරීන්ට හමුවීමෙන් ඒ තුල හෙරොයින් මත්ද්‍රව්‍ය ඇතිබවට හඳුනාගෙන සැකකරු, යතුරු පැදියද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව පාර්සලය කිරා බැලීමේදී හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 505 ක් බවට අනාවරණය වී තිබේ.

සැකකරු වයස අවුරුදු 32 ක් වූ කොස්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොස්ගම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරයි.