සමූපකාර බැංකුව බින්ද සැකකරු සියල්ල හෙලිකරයි. බෝඩිම් කාමරයේ සැඟවූ මංගල මුදු මාල වළලු පොලිස් භාරයට

2024.05.25 වන දින ජා ඇල සමූපකාර ග්‍රාමීය බැංකුව බිඳ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ මුදල් සොරාගැනීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විසින් ඊට පසු දිනම (2024.05.26) වයස අවුරුදු 34 ක් වූ මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්හ.

වැඩිදුර ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු විසින් අනාවරණය කළ තොරතුරු මත 2024.05.28 වන දින රාගම හොරපේ පාරේ තාවකාලිකව පදිංචිව සිටි බෝඩිම් කාමරය සෝදිසියට ලක්කල බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් එහි සඟවා තිබූ ඉහත අපරාධයෙන් සොරාගත් කිලෝ ග්‍රෑම් 02 කට ආසන්න රන් භාණ්ඩ සහ අපරාධය සිදුකීමට යොදාගත් උපකරණ තොගයක් සොයාගෙන පොලිස් භාරයට ගත් අතර අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකපිට තවත් පුද්ගලයින් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ජා ඇළ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සොයාගත් දේපළ අතර රන් වළලු 49ක්, රන්මුදු 81ක්, අත් පලඳනා 24ක්, රන් දම්වැල් 79ක්, පෙන්ඩන් 26ක්, කරමාල 09ක්, අපරාධය සඳහා යොදා ගත් ග්‍රයින්ඩර් මැෂිමක්, යකඩ සේප්පු කැපීමට ගන්නා ආයුධ හා සැකකරු භාවිතා කල ජංගම දුරකතන 02ක් වේ.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.