ශ්‍රී ලංකා පොලිස් කබඩි කණ්ඩායම පිරිමි සුපර් ලීග් කාණ්ඩයේ ශූරයින්

ශ්‍රී ලංකා කබඩි සම්මේලණයේ පූර්ණ අනුමැතිය යටතේ පොළොන්නරුව දිස්ත්‍රික් කබඩි සංගමය, ජාතික තරුණසේවා සභාව සමඟ ඒකාබද්ධව ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ 2024 එම්.ටී ප්‍රනාන්දු අනුස්මරණ කබඩි ශූරතා තරඟාවලිය 2024/05/25,26 යන දෙදින තුල පොළොන්නරු ජාතික ක්‍රීඩා සංකීරනයේදී සාර්ථකව පැවැත්වුණි.

සමස්ත දිවයිනම නියෝජනය කරමින් සහභාගී වූ කබඩි කණ්ඩායම් කාණ්ඩ 04ක් යටතේ තරඟ වැදුනු අතර ශ්‍රී ලංකා පොලිස් කබඩි කණ්ඩායම තරඟ වදින ලද්දේ පිරිමි සුපර් ලිග් තරග කාණ්ඩය යටතේයි.

එහිදී සහභාගී වූ තරග 04 ම ජයගෙන කැපී පෙනෙන දස්කමක් දක්වමින් එම කාණ්ඩයේ ශූරතාවය දිනාගැනීමට පොලිස් කබඩි කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා පොලිසිය සමඟින් එම කාණ්ඩය යටතේ තරඟ වැදුනු අනෙක් කණ්ඩායම් වන්නේ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම, ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම, ශ්‍රී ලංකා ග්‍රවන් හමුදා කණ්ඩායම, තරුණ සේවා ක්‍රීඩා සමාජ කණ්ඩායම, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම සහ ජාත්‍යන්තර කණ්ඩායමයි.

පොලිස් කබඩි කණ්ඩායමේ සභාපති ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතාද, ලේඛම් ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරා නිලධාරියාද, කළමණාකරු ලෙස පොලිස් පරීක්ෂක සුදත් සම්පත් නිලධාරියාද කටයුතු කරන අතර පුහුණුකරු ලෙස කණ්ඩායමේ දක්ෂතාවය ඔප්නංවනු ලබන්නේ පොලිස් සැරයන් 45302 ඒ.එච් කුමාර නිලධාරියායි.