සැකපිට ගත් පුද්ගලයා දස වසරකට පසු යලි මෙරට පැමිණි බරපතළ අපරාධයක වරදකරුවෙක්

මදුරන්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් 2024.05.28 වන දින දහවල් මදුරන්කුලිය, කන්ද තොඩුවාව ප්‍රදේශයේදී වයස අවුරුදු 42 ක් වන මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඔහු පිලිබඳ වැඩිදුර විමර්ශනයක් සිදුකර තිබේ.

එහිදී, මොහු 2010 වර්ෂයේ කාන්තාවක් බලෙන් පැහැරගෙන ගොස් සමූහ දූෂණය කිරීමේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකු ලෙස මුන්දලම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ, අනතුරුව ගරු අධිකරණයෙන් ඇප ලබා අධිකරණය මඟහැර අනවසර සංක්‍රමණිකයෙකු ලෙස මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට පලාගිය සැකකරුවෙකු ලෙස අනාවරණය වී ඇත.

විදෙස් ගතව වසර‍ෙ 09 ක පමණ කාලයක් රැදී සිට මෙරටට පැමිණ කොළඹ නගරයේ සැඟව සිට මදුරන්කුලිය ප්‍රදේශයට මෑතකදී ගොස් සිටින අතරතුර මෙසේ අත්අඩංගුවට පත්වී ඇති මොහු, ඉහත වරඳට 2015 වර්ෂයේදී පුත්තලම ගරු මහාඅධිකරණය විසින් චෝදනා තුනකට වරදකරු කර වසර 15ක හිර දඩුවමකට යටත්කර, අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර ඇති සැකකරුවෙකි.

මදුරන්කුලිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.