සවුත්බාර් දුම්රියපොළ අසලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ක් සමඟ අයෙකු කොටු

මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් මන්නාරම පොලිස් වසමේ සවුත්බාර් දුම්රිය ස්ථානය අසලදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 44 ක් වූ එම ප්‍රදේශයේම පදිංචි, මුරකරුවෙකු ලෙස රැකියාවක නියුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

යතුරුපැදියද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මන්නාරම පොලිසිය විසින් ආරම්භ කර ඇත.