ටයිකොන්ඩෝ ජාතික තරඟාවලියෙන් පොලිසියට ජයග්‍රහන 05 ක්  

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය මගින් සංවිධානය කරනු ලැබූ 2024 ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලිය 2024.05.20,21 දෙදින තුල ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසික ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී දිවයින පුරා විසිරී සිටින ටයිකොන්ඩෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයසිය දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්වීය.

එහිදී ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් තරඟ බිමට පිවිසි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 15 දෙනෙකු  අතරින් පහත පරිදි නම් සඳහන් නිලධාරීන් ජයග්‍රහන ලබාගත්හ.

පුහුණුකරු – පොලිස් සැරයන් 15970 හෙට්ටිආරච්චි

දෙවන ස්ථාන

  • පොලිස් කොස්තාපල් 96761 ඩබ්.එච්.එච්.ටී.වීරසිංහ
    68Kg -74Kg බර පංතිය
  • පොලිස් කොස්තාපල් 23785 ටී.එම්.පී.සී තෙන්නකෝන්
    බර පංතිය 58Kg-63Kg

තෙවන ස්ථානය

  • පො.කො 93065 ආර්.එම්.ජි.කේ.ජි පුෂ්පකුමාර
    බර පංතිය -54kg
  • කා.පො.කො 12578 එච්.එම්.අයේශනි
    බර පංතිය +73kg
  • කා.පො.කො 12606 සී.යු.කේ කුමාරි බර පංතිය
    67-73kg

නියෝජ්‍ය පොලිස්පති ඒ.අයි.ජේ චන්ද්‍රකුමාර මහතා පොලිස් ටයිකොන්ඩෝ කණ්ඩායමේ සභාපති ලෙස කටයුතු කරන අතර ලේඛම් ලෙස කාන්තා සහකාර පොලිස් අධිකාරී නිරෝශා කුමාරි මහතත්මිය කටයුතු කරනු ලබයි.