2024.05.08 අහුංගල්ලේ ඝාතනය, ඝාතකයා පැමිණි යතුරු පැදියේ පැදිකරුත් අල්ලයි.

විදේශගතව සිටින බවට තොරතුරු ලැබී ඇති පාතාල කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හදුන්වන කළුහත් නදීශ් කුමාර් ආබ්‍රේව් නොහොත් අහුංගල්ලේ බබා නමින් හදුන්වන අයගේ පියා වන ලෝකන්වත්ත, අහුංගල්ල ලිපිනයේ පදිංචි කළුහත් කීර්තිසේන ආබ්‍රේව් යන අයව යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් 2024.05.08 වන දින සවස වෙඩිතබා ඝාතනය කළහ.

මෙම අපරාධය සම්බන්ධව අහුන්ගල්ල පොලිසිය සිදුකල වැඩිදුර විමර්ශනයට අදාලව 2024.05.26 දින සවස පොලිස් විශේෂ කාර්ය බලකා වව්නියාව කදවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින් අපරාධය සිදුකිරීම සඳහා පැමිණි යතුරු පැදිය පැදවූ සැකකරු බවට අනාවරණය වූ පුද්ගලයා වැලිඔය පොලිස් වසමේ වෙහෙරතැන්න, බෝගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වෙහෙරතැන්න, බෝගස්වැව ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 23 ක් වූ පුද්ගලයෙකි. අහුංගල්ල පොලිසිය විසින් මොහු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

කොස්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම අපරාධයට සම්බන්ධ පළමු සැකකරුද එදිනම බෙන්තර පොලිස් වසමේ කහබිලියාකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. (2024.05.08 දින අහුංගල්ලේ වෙඩි තැබීමට අදාලව සැකකරුවෙකු අත්අඩංගුවට – Sri Lanka Police)