2024.05.08 දින අහුංගල්ලේ වෙඩි තැබීමට අදාලව සැකකරුවෙකු අත්අඩංගුවට

විදේශගතව සිටින බවට තොරතුරු ලැබී ඇති පාතාල කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හදුන්වන කළුහත් නදීශ් කුමාර් ආබ්‍රේව් නොහොත් අහුංගල්ලේ බබා නමින් හදුන්වන අයගේ පියා වන ලෝකන්වත්ත, අහුංගල්ල ලිපිනයේ පදිංචි කළුහත් කීර්තිසේන ආබ්‍රේව් යන අයව යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් 2024.05.08 වන දින සවස වෙඩිතබා ඝාතනය කළහ.

එම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකල කොස්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් 2024.05.26 වන දින බෙන්තර පොලිස් වසමේ කහබිලියාකන්ද ප්‍රදේශයේදී වයස අවුරුදු 36ක් වන නිල්ලපතන, ඉදුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු, ඔහු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 410ක් ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කර නොදන්වා සේවයෙන් බැහැරව සිටින පුද්ගලයෙකු බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර තවදුරටත් වැඩිදුර විමර්ශන කොස්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබයි.