බලපත්‍ර නොමැති, සඟවා තිබූ ගිනි අවි යුගලක්

මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාතර පොලිස් වසමේ උඩපීක්වැල්ල ප්‍රදේශයේ වැටලීමක් සිදුකර බලපත්‍ර නොමැතිව විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල අවියක් සන්තකයේ කබාගෙන සිටි වයස අවුරුදු 21ක් වූ මහරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට තිබේ.

එහිදී ඔහු සන්තකයේ තිබී 9mm වර්ගයේ උණ්ඩයක හිස් කොපුවක්, හදුනා නොගත් වර්ගයේ මත්කරල් 06ක් සහ හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 580 ක්ද පොලිස් නිළධාරීන් විසින් සොයාගෙන ඇත. මාතර පොලිස් ස්ථානය මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

තවද, පොලිස්පතිතුමන් සංවිධානාත්මක අපරාධකරුවන් සහ ගනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා පසුගියදා යොමුකල විශේෂ කණ්ඩායම් 20 අතරින් අංක 16 කණ්ඩායමේ නිලධාරීන් මතුගම ප්‍රදේශයේ දිය පහරක් අසල සඟවා තිබී පිස්තෝලයක් සහ එහි උණ්ඩ රහිත මැගසීනයක් සොයාගෙන ඊයේ(25) දින කළුතර අපරාධ කොට්ඨාසය වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදී ඇත.