මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දින 04ක් තුල අත්අඩංගුවට

2024.05.20 වන දින රාත්‍රී කාලයේදී කළුතර දකුණ පොලිස් වසමේ කටුකුරුන්ද ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර පලායාමේ සිදුවීම සම්බන්ධව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් දින 04ක් ඇතුලත එනම් 2024.05.24 වන දින පැලපිටියාගොඩ හා නුගේගොඩ ප්‍රදේශයන්වලදී අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරුවන් අවුරුදු 24, 39 හා 41 යන වයස්වල පසුවන තෙඹුවන හා මොරොන්තුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.