දිය වැලකට හසුවූ පස් දෙනෙකු පොලිස් ජීවිතාරක්ෂකයින් විසින් බේරා ගනී

2024.05.24 දින පානදුර මුහුදේ දිය නාමින් සිටි පිරිසක් දිය වැලකට හසුව මුහුදට ගසා ගෙන යමින් සිටියදී එම ස්ථානයේ රාජකාරි නිරතව සිටි පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වෙරළ ආරක්ෂක නිලධාරීන්ගේ සහයද ඇතිව ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කරන ලදී.

බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි පිරිසක් පානදුර මුහුදේ දිය නෑමට පැමිණි අවස්ථාවේදී මෙසේ අනතුරට ලක්ව ඇති අතර පොලිස් කොස්තාපල් 69951 පුෂ්පකුමාර සහ පොලිස් කොස්තාපල් 101557 ධනුක යන නිලධාරීන් විසින් මෙම වීරක්‍රියාව සිදු කරන ලදී.