ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට පොලිස්පතිතුමන් ඉරාන තනාපති කාර්යාලයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා 2024.05.24 දින කොළඹ ඉරාන තානාපති කාර්යාලය වෙත ගොස් අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කළේය.
තානාපති කාර්යාලය වෙත පැමිණි පොලිස්පතිතුමා ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලි රීසා ඩෙල්කොෂ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.
අනතුරුව ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිස සමඟ කෙටි කථා බහකට එක් වූ පොලිස්පතිතුමා එහි තැන්පත් කර තිබු ශෝක සටහන් පොතේ සටහනක් ද තබමින් ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ඉරාන රජයටත්, ජනතාවටත් තමාගේ සහ ශ්‍රී ලංකා පොලිසියේ බලවත් ශෝකය පළ කර සිටියේය.