වල දැමූ උණ්ඩ තොගයක් සොයාගැනේ

2024.05.22 වන දින පලාලි පොලිස් වසමේ පිහිටි පන්නාලෛ,තෙලිප්පලේ ප්‍රදේශයේ හුණුගල් කැණීම් වැඩබිමක තිබී යුධ සමයේදී මතු ප්‍රයෝජනය සඳහා වළ දමන්නට ඇතැයි සැකකල හැකි උන්ඩ තොගයක් සොයාගෙන ඇත.

මෙම වැඩ බිමේ සේවය කරමින් සිටි සේවකයෙකු හට මෙම උණ්ඩ තොගය හමුවීමෙන් පසු පලාලි පොලිස් ස්ථානයට දැනුම් දී ඇති අතර නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බැලීමෙන් පසු යාපනය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සමඟ එක්ව විමර්ෂණ කටයතු ආරම්භ කර ඇත