රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සඳහා පොලිසියෙන් ත්‍යාග

බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සඳහා ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් අද (2024.05.24) දින එම රෝහලේදී පැවැත්විණි.

බොරැල්ල පොලිස් ස්ථානය මඟින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහභාගි වූ අතර රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුස් සේනාධිපති මහතා ඇතුළු පිරිසක්ද ඒ සඳහා සහභාගි විය.