“වෙසක් පුන් පොහෝ දා ආගමික වතාවත් සඳහා පොලිස්පතිතුමන් තම උපන් ගමට”

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති 2024.05.23 වන අද දින උදෑසන ගරු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තම උපන්ගම් පියස වන ගිරිඋල්ල ප්‍රදේශයේ අංකුඹුර විහාරස්ථානය, බෝපිටිය රජමහා විහාරස්ථානය, මැද්දේපොල රජමහා විහාරස්ථානය වැදපුදා ආගමික වතාවත්හි නිරතවීය.

අංකුඹුර විහාරස්ථානයේදී එම විහාරස්ථානයේ ධාතු කරඩුව වැඩමවීමේ අවස්ථාව සදහා පොලිස්පතිතුමා සහභාගී වූ අතර බෝපිටිය රජමහා විහාරස්ථානය වැදපුදා අනතුරුව එහි බත් දන්සල විවෘත කිරීම සිදුකරන ලදී.