“මුනිඳු පුදමු බැති ගීයෙන් – 2024 පොලිස් බැති ගී සුගායනය”

සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිතිකොටගෙන ශ්‍රී ලංකා පොලිසිය සංවිධානය කල බැති ගී සරණිය උත්කර්ශවත් අන්දමින් 2024.05.22 වන ඊයේ දින සවස කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී ගරු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු ප්‍රභූවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා පොලිස් සංස්කෘතික කොට්ඨාසය සහ බටහිර තූර්ය වාදන කණ්ඩායම විසින් එහිදී ගායනයෙන් වාදනයෙන් සහ නර්තනයෙන් බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඇලලී යන බොදු බැති ගී රැසක් ඉදිරිපත් කල අතර දිවයිනේ කීර්තිමත් ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක්ද ඊට තම හඩ පෞර්ෂය එක් කරමින් ගීත ගායනයන් ඉදිරිපත් කළහ.