තුන සක රියන් සරසන්න බෞද්ධ ධජ දස දහසක්

එළඹෙන වෙසක් මහෝත්සවය නිමිතිකොට ගෙන ඇල්ලේ ගුණවංශ ස්වාමීන්වහන්සේගේ අනුශාසනාව යටතේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මඟපෙන්වීමෙන් කොළඹ දිසාවේ පොලිස් ස්ථාන මට්ටමින් බෞද්ධ ධජ හා ස්ටිකර් 10,000 ක් ත්‍රීරෝද රථයන්හි දර්ශනය කිරීමේ සමාරම්භක අවස්ථාව කොළඹ 07, ධර්මායතනය අසලදී ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමාගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුනි.