“සුවසාර කැදැල්ලෙන් පුනරුත්ථාපනය වූවන් 500 ක් සමාජයට”

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් ඉන් මුදවාගැනීම සඳහා යුක්තිය මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක පුනරුත්ථාපන ක්‍රියාදාමයේ තවත් එක් විශේෂ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කල “සුවසාර කැදැල්ල” නම් ප්‍රජා පාදක පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන 256 ක් සමස්ථ දිවයින ආවරණය වන පරිදි පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර ඉන් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටවූ මධ්‍යස්ථාන 11 ක් 2024.05.08 වන දින විවෘත කරන ලදී.

දින 14 ක් පුරා එම මධ්‍යස්ථාන 11 මගින් පුනරුත්ථාපනය කෙරුනු 500කට ආසන්න පිරිසක් සමාජගත කිරීම 2024.05.22 දින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල සංකීර්ණයේ දී සිදුකෙරුනි.