පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත්

පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් 2024.05.17 වන දින සිට පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ නව වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස සහකාර පොලිස් අධිකාරී ඩබ්.එම්. මිනුර සෙනරත් මහතා පත්කළේය.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා 2024.05.20 වන දින උදෑසන බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ 14 වන මහලේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේදී එම කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ධූරයේ රාජකාරී සුභ මොහොතින් ආරම්භ කරන ලදී.

2019.10.01 වන දින ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු  ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වන මිනුර සෙනරත් මහතා 2021 ජනවාරි මස සිට 2024.05.17 වන දින දක්වා කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස රාජකාරී ඉටුකරන ලදී.

ශාන්ත මේරී විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන ඒ මහතා  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් අපරාධ විදයාව පිළිබඳ පිලිබද විශේෂවේදී උපාධිය, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීතිවේදී උපාධිය ඇතුලු පාඨමාලා රැසක් හදාරා තිබේ.